ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට තවම අවසර නැහැ !

Published in පුවත්
Thursday, 03 June 2021 13:12

ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද ඖෂධ භාවිත කරන රෝගීහු දැඩි අසීරුවකට පත්ව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි.

ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දෙවරක් ලිඛිත ඉල්ලීම් කර අතර දුරකථනය මගින් තුන්වතාවක් කථා කළද මේ වන තෙක් අවසර ලබා දීමට කටයුතු කර නැතැයි ඇමැතිවරයා පැවසීය.

කොරෝනා වසංගතයක් පවතින අවස්ථාවකදී බොහෝ පිරිසක් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ආයුර්වේද ඖෂධ වර්ග භාවිත කිරීමට පෙළඹී ඇති අවස්ථාවක ආයුර්වේද ඖෂධ ශාලා විවෘත කිරීමට අවසර නොදීම ආයුර්වේද ඖෂධ භාවිත කරන ජනතාවට කරන බලවත් අසාධාරණයක් බවද ඇමැතිවරයා පෙන්වාදේ.

ගම්වල විශාල පිරිසක් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා වෙත ගොස් ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ ඉල්ලා සිටියද එවැනි ඖෂධයන් වෙළෙඳසල් වලින් මිලදී ගැනීමට නොහැකි වීම සහ විසබීජ නාශක ලෙස භාවිත කරන පෙරුම්කායන්, අමුකහ, කොහොඹ තෙල් වැනි දෑ මිලදී ගැනීමට පව‌ා නොහැකි වීම හේතුවෙන් ජනතාව බොහෝ අසරණව ඇතැයිද ඔහු පෙන්වාදෙයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us