ඇමරිකානු ඩොලර් මිලියන 537 ක දැවැන්ත ආයෝජනයක් සහිතව මෙරට ආරම්බ කිරීමට කැමැත්ත පළ කර තිබූ අධිවේග දුම්රිය නිපදවීමේ කර්මාන්ත ශාලාව පිහි‍ටු වීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ තක්කඩිකම් නිසා අහිමිවීමේ අවධානමක් ඇති වී තිබේ.

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලුවේ කවුද යනුවෙන් දැන් සමහරක් තක්කඩියන් විසින් ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. ඊයේ පෙරේදා රතන සාදුගෙන් මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු කියා තිබුණේ දෙයියෝ දනී කියාය..රතන සාදුට ඒ ප්‍රශ්නයට කෙළින් පිලිතුරක් දිය නොහැක. මන්ද එවිට තමන් සඟවාගෙන සිටින තක්කඩි කම එළියට එන බැවිනි.

පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88 - 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් `දේශද්‍රෝහීන්ට මරණය` යන ලේබලය ගසා එය කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව ගෝල බාලයෝ දැන් හැසිරෙන්නට පටන් ගෙන තිබේ..

රුපියල් කෝටි 26 ක වටිනාකම පෙන්වා මියන්මාරයෙන් ඇතෙකුගෙන්වීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය ඔස්සෙ කළ හෙළිදරව් කිරීමට අදාලව දියවඩන නිලමේ දැල බණ්ඩාර කියන්නේ ඒ අසත්‍ය පුවතක් බවය. ඒ ඇත්තය මන්ද මියන්මාරය මේ ඇත්තු ලබා දී ඇත්තේ නොමිලයේය. 2007 වසරේදී මියන්මාරය ශ්‍රීලංකාවට ඇත්තු 5 දෙනෙකු නොමිලයේම ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී 4 වන ඇතා මෙරටට ලැබිණි. 2007 ජුලී මස 12 වනදා මේ කෝටි 26 ඇතා මෙරටට පැමිණියේය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසේ භාවය ලබා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පමණක් බව ආගමන විගමන දෙපාර්ථමේන්තුව විසින් තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති යයි. මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී.

ld add copy

Connet With Us