චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබේනවා.

භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කර තිබෙනවා.

සංචාරකයන් ප්‍රවාහනය සඳහා වාහන මිලදී ගැනීමට කල් බදු (ලීසිං) ක්‍රමයට මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

සබරගමුව පළාත, බස්නාහිර හා දකුණු පළාත සමග සම්බන්ධ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කොළඹ - රත්නපුර නගර එක්කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිරිනැමීම (Awarding of contracts) බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (22) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9%ක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර පවසයි.

 රථවාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් අද(22) සිට දින තුනක කාලයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියාව පැහැරගෙන යෑමේ  සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22 වැනිදා) පෙනී සිටීමට නියමිතය.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us