වැඩි මිලට බඩු විකුණුවොත් බලපත්‍ර අහෝසි !

Published in පුවත්
Friday, 28 May 2021 12:54

දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එලෙස බලපත්‍ර අහෝසිකරනු ලබන වෙළද සැලෙහි බලපත්‍රය එම ග්‍රාමසේවා වසමේ වෙනත් වෙළෙඳසැළක් සඳහා ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැස ඇත.

දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් ජංගම බෙදා හැරීම්, දුරකථන ඇමතුම් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම් සහ ග්‍රාමසේවා වසමකින් වෙළෙඳසැළ් දෙක බැගින් විවෘත කිරීමට අවසර දීමට රජය පියවර ගෙන ඇත.

මෙම සේවා මගින් ඇතැම්විට අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියට (ක්ෂණික ඇමතුම් 1977) ලැබුණු දුරකථන ඇමතුම් අනුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us