මේ දිනවල දේශපාලන ක්ෂෙත්‍රයේ විවාදාපන්න මාතෘකාව වී ඇත්තේ  පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන කඹ ඇඳිල්ල ගැනය. 

ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය හා බ්‍රිතාන්‍ය එම්. අයි. 6 ඔත්තු සේවාව එක්‌ව පසුගිය ජනාධිපතිවරණයේදී තමා පරාජය කරන්නට කුමන්ත්‍රණය කළ බවත්, එසේ වුවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

කලකට ඉහත දී වසා දැමුණු ප‍්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන් සතු සියලූ තැන්පත් මුදල් ලබන අපේ‍්‍රල් මාසයට පෙර ගෙවා දමන්න ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට උපදෙස් ලබා දී අැත.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14)අනුරාධපුරය, තෙලයිමන්නාරම සහ යාපනයේ සංචාරයක නිරතවේ. මෙම සංචාරයේදී අනුරාධපුර රුවන්වැලි මහසෑය සහ ජය ශ‍්‍රී මහබෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරයි. තලෙයිමන්නාරමේ දී, තලෙයිමන්නාරම - මැදවච්චිය දුම්රිය මාර්ගයේ තලෙයිමන්නාරම සිට මඩු දක්වා කොටස විවෘත කිරීමට අග‍්‍රාමාත්‍යවරයා සුදානමින් සිටී.

වසර 25කට පසු තලෙයිමන්නාරම් තොට සිට දුම්රිය ධාවනය ඉන්දීය අගමැතිතුමා සහ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.50ට ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා 12ක් පිළිබඳව, මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ විමර්ශණ කොට්ඨාසයට ලැබි ඇති පැමිණිලි අනුව විමර්ශණ කටයුතු ආරම්භ කළ බව පොලීසියි කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වූ නන්දන ගුණතිලක මහතා එළඹෙන මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිතය.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතිය යටතේ ජපන් රජය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම අද (13) ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාගේ මූලිකත්වයෙන් ජපන් තානාපති නිල නිවසේදී සිදු කරන ලදී.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us