පළාත්පාලන මැතිවරයෙන් දැවැන්තම පරාජය අත්පත් කරගත් ජනාධිපති සිරිසේන නම්බු පිටින් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට ශ්‍රිලනිපයේ මැති ඇමැතිවරු ගනනාවක් ඒකාබද්ධ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ශ්‍රීලනිප ආර්ංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියළු අමාත්‍යධුර අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ආගමැති රනිල් වික්‍රමසිංහට හැකි ලෙසකින් ආණ්ඩුවක් පිහි‍ටුවාගෙන කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා දීමටත් ජනාධිපතිවරයාට සමීප ශ්‍රීලනීප ජේෂ්ඨයන් තීන්දුකර ඇති බව ද දැන ගැනීමට තිබේ.

මෙවර පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක්ව තිබෙන බවට ගෙන යන ප්‍රචාරයන් හී කිසිදු සත්‍යතාවයක් නොමැති බව දේශපාලන විචාරක මතයයි.

එජාපය තමන්ගේ ඡන්ද පදනම ආරකෂා කර ගනිමින් වැඩි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බව මෙවර ඡන්ද ප්‍රතිපලයෙනුත් පෙනී යන බව පෙන්වා දෙන ඔවුන් ,පැහැදිලිවම පරාජය වාර්ථා කරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව ද පවසයි.

පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිපලය ගැන ආණ්ඩු විරෝධී නූගත් හෙංචයියන්ගේ සිට නිර්මාල් දේවසිරී වැනි දාර්ශනික කතා කියවන විශ්ව විද්‍යාල ආචාරිවරු දක්වා එකම බෝට්ටුවට වී පිස්සු කතාවක් කියමින් සිටී.. ඒ මෛත්‍රී, රනිල් දැන් ඉවත් විය යුතු බවයි.. මහින්ද රාජපක්ෂ මහා ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙන නිසා ආණ්ඩුව රාජපක්ෂලාට බාර දිය යුතු බවද කියැවෙයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව ඒ ගැන කල්පනා කළේ ඒ තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙසටය. ඔහු වටා සිටිය හිතවතුන්ද ඔහුව ඇන්දුවේ ඒ ගැනම කියමිනි. දැන් විධායක ජනාධිපති නිසා කාටවත් සෙකන්ඩ් විය යුතු නැති බවය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග තව දුරටත් බුබායි හී රඳවාගෙන තබාගෙන සිටින බව එරට ආරංචි මාර්ග පවසයි. ඔහුගේ ගමන් බලපත්‍රය එරට බලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර උදයංගට එරටින් පිටවීම තහනම් කර ඇත.

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් අවසන් ව පැය 24 ඉක්ම ගොස් තිබේ...එහෙත් තවමත් එය සිදුවෙමින් තිබේ. ඒ කොහොම වුණත්. පළාත් පාලන ආයතන වෙනුවෙන් තරග කරන දේශපාලන කණ්ඩායම් තම තමන්ගේ බරසාර ප්‍රතිපත්ති හා සැලසුම් ජනතාවගේ සාකච්ඡාවට බඳුන්කර අවසන්ය.

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළු හඳුනාගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් සිදුකරමින් පවතින දීප ව්‍යාප්ත සමීක්‍ෂණයට ඉතා ඉහල ප‍්‍රතිචාර ලැබෙමින් පවතින අතර එහි දී හඳුනාගත් ඇතැම් ප‍්‍රධාන ගැටළු සඳහා මේ වන විටත් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ld add copy

Connet With Us