අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දදී තිබේ. ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන නිල වශයෙන් අහෝසි වී ඇත.

මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේදි තුළ විපක්ෂය විරෝධතාවක් ආරම්භ කර තිබිමත් සමග පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ. ඒ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි.

අද පෙරවරුවේ කථානායකාවරයා කියා සිටියේ මන්ත්‍රීධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.

-පංචාලි අබේසේකර

හෙරොයින් ග්‍රෑම් 150 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

රට තුල මේ වන විට විශාල සංවර්ධනයක් ආරම්භ වී ඇති බවත් ජනතාවට දුන් පොරොන්දු අවුරුදු පහක් තුල ජනතාවට ලබා දීම වගකීමක් වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන උත්සව සමයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට නිවේදනය කර සිටිනවා.

පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් ඊයේ (06) කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වෙනවා.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

වතු සේවක අවම වැටුප රුපියල් 1000 ගෙවීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ පතිරණ මහතා සඳහන් කර තිබේ.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us