එන්නත් එක් මාත්‍රාවක් ලබා දුන් පිරිස මිලියන තුන ඉක්මවයි !

Published in පුවත්
Friday, 18 June 2021 13:22

ඊයේ දිනය තුළ මෙරට පුද්ගලයින් 57,375 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදී තිබේ.

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 11,349 දෙනෙකු ඒ අතර වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 43,040 දෙනෙකු, ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 2,875 දෙනෙකු සහ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 107 දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

ඒ අනුව කොවිඩ් මර්දනය සඳහා වන පළමුන් එන්නත් මාත්‍රාව මෙරට පුද්ගලයින් 2,391,683 දෙනෙකු සඳහා ලබා දී තිබේ.

එමෙන්ම එහි දෙවන මාත්‍රාව මේ වන විට පුද්ගලයින් 748,573 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 3,140,256 දෙනෙකු සඳහා කොවිඩ් මර්දනය සඳහා වන එක් මාත්‍රාව හෝ ලබා ගෙන තිබේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us