කොවිඩ් මරණ දත්ත ගැන ජනපතිගෙ අප්‍රසාදය !

Published in පුවත්
Friday, 18 June 2021 20:22

මියගිය අයගේ පවුල්වල සමීපතමයින් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කර තිබේ.

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

කෙසේ නමුත් පසුව එම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මඟින් නැවත පුළුල් විමර්ශනයක් කර දත්ත ලබාගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වු ජනාධිපතිවරයා පැවසීය.

තමා මේ පිළිබඳ සොයා බලා දැනුවත් වු නමුත් රූපවාහිනිය ඉදිරියේ කථා කරන නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් නොවීම විශාල ගැටලුවක් බවත්, නිවැරදි දත්ත විශ්ලේෂණය නොකිරීම බරපතළ ගැටලුවක් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ පිලිබදව අදහස් පලකළ ජනපති ,

“ජූනි 14 අරින්න හිටියා. එකපාරටම 11 වෙනිදා 101 දෙනෙක් මැරුණා කියලා ආවා. මේක ඇහුවහම හැමෝම බයවෙනවා නේ. බුද්ධි අංශයට කිව්වා ගෙයින් ගෙට ගිහින් මේ ගැන හොයලා දෙන්න කියලා. ජූනි 11 මැරුණහම 10 වෙනිදා රාත්‍රී 12 ඉදලා 11 වෙනිදා රාත්‍රී 12 දක්වා නේ වාර්තා කරන්න ඕනේ. එදා වාර්තා කළ පළමු එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරී මාසේ 6වෙනිදා. ආදාහනය කරලා තියෙනවා එදිනම. මරණ සහතිකයකුත් දීලා තියෙනවා. ඊළඟ කෙනා අවුරුදු 67යි. හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වන දා. වාර්තා කරන්නේ ජූනි 11වෙනදා. 9වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනාමයි. ඒකත් මේ 101කට අයිතියි. මම මේක බැලුවට ටීවි එකට කතා කරන එක්ස්ප්‍රට්ලා දන්නේ නෑ නේ. මම කිව්වා මේක හරි තැන්වලට දාන්න කියලා.“ යනුවෙන් සදහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us