ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට අගමැතිගෙන් උපදෙස් !

Published in පුවත්
Friday, 18 June 2021 20:37

අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන ලෙස අද (18) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.

ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත්බිම් ජල ගැලීම්වලට ලක්වීමෙන් ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

එක් එක් ආයතන වෙත බෙදා දී ඇති කාර්ය නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ජනතාව මෙන් ම රජය ද අපහසුතාවට පත් වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති අතරමග නවතා දැමීමකින් තොරව අවසන් කිරීම සඳහා සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ.
ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයට යටත්ව ලබා දෙන බව අගමැති එහිදී පවසා ඇත.
පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැස යන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම, නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන් ම ජනතාව පහත් බිම්වල ජල ගැලීම්වලට ගොදුරු නොවන ආකාරයට පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ ව මෙහි දී අගමැතිගේ අවධානය යොමු විය.
සාමුහිකව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට වගකීමක් තිබෙන බව පෙන්වා දුන් අගමැතිවරයා අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර තිබේ

විවිධ රාජ්‍ය ආයතන වෙත අලුතින් අනියුක්ත කර ඇති බහු කාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ රැකියාලාභීන් රටේ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද අගමැති උපදෙස් ලබා දී ඇත.
එසේ ම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මගී බෝට්ටු ප්‍රවාහන සේවය නිසි නියාමන ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රමවත් කළ යුතු බව ද සඳහන් කර තිබේ..

-පංචාලි අබේසේකර

 water1water 2water3water 5

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us