අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගලදී ජනමාධ්‍ය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයකට එරෙහිව වයඹ පළාත් සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාවක නිරතව සටිති.

ජාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකාවේ ධජය යටතේ ධීවර කටයුතු කිරීමට අවසර දුන් චීන ධීවර සමාගම් අටක(08) බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ධීවර කටයුතු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසා සිටි. ඇමතිවරයා පවසන පරිදි මෙම බලපත්‍ර අවලංගු කිරීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පාර්ශ්ව දෙක අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ කොන්දේසි එම චීන ධීවර සමාගම් විසින් උල්ලංඝනය කිරීමයි.

ශ්‍රී ලංකාව චීන රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් (කෝටි 67000) පවතින අතර ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ පනත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ 28 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් කතා කළ මානව හිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකාව කිසිවක් ගැන සඳහන් නොකළේය. පෙර දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කොමසාරිස්වරයා කෙටියෙන් සාකච්ඡා කරන බවට වාර්තා පළ වී තිබිණි.

කොරතොට ගල් කොරිය පිළිබඳ අසත්‍ය පුවත් විකාශනය කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි ආයතනය නි.අමාත්‍ය සුජීව සේනසිංහගෙන් සමාව ගැනීමට ඉක්මන් වී ඇත්තේ ස්වර්ණවාහිණියේ විධායක අධ්‍යක්ෂක බුද්ධික කුලසේකරට එජාපයේ නාමයෝජනා නොලැබීයාමේ අනතුරක් නිර්මාණය වීම නිසා බව වාර්තාවේ.

ජනාධිපති කාර්යාලයේ මුලිකත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ක්‍රියාත්මක බවත් එහි වගකීම බාරව කටයුතු කරන්නෙක් හැටියට මත්ද්‍රවය සහමුලින්ම තුරන් කිරීම සඳහා මත්ද්‍රවය විරෝධී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ(02දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවට උචිත නොවන විකෘති මැතිවරණ ක්‍රමයක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

worky

worky1

ld add copy

Connet With Us