ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී.
ඒ අනුව අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර තිබුණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එළවළුවල කිලෝවක තොග මිල පහත පරිදි සටහන් වී තිබූ බව වාර්තා වේ.
බෝංචි රුපියල් 220 -250
ගෝවා රුපියල් 100 -120
අමුමිරිස් රුපියල් 150- 200
ලීක්ස් රුපියල් 140 -160
දඹල රුපියල් 150 -160
කරවිල රුපියල් 280 -300
කැරට් රුපියල් 130 -150
වට්ටක්කා රුපියල් 35 - 45
මාළුමිරිස් රුපියල් 280 - 300
පිපිඤ්ඤා රුපියල් 45 - 60
වම්බටු රුපියල් 110 -140
මෑ කරල් රුපියල් 150 - 160
පතෝල රුපියල් 80 -100
වැටකොළු රුපියල් 120 -140
එළබටු රුපියල් 200 - 220
නෝකෝල් රුපියල් 90 - 110