පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරු හා වුන්ගේ හිතමිතුරන් විසින් සිදු කළ මුල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදි කරුවන් නීතිය හමුවට ගෙන ඒම සදහා වර්තමන මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් විශේෂයෙන්ම පිහි‍ටුවනු ලැබු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියකු එම චෝදනාවලින් ඇතැමුන් නිදහස් කිරීම සදහා කප්පම් ලබා ගැනීමේහි යෙදි සිටින බව පොලිසියේම අරංචි මාර්ග පෙන්වා දෙයි.

සමන් ප‍්‍රියංකර (ජපන් සමන්) නම් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 400 ක කොමිස් මුදලක් ඉල්ලා ඇතැයි වාර්තාවන සිදුවීමට අදාල අමාත්‍යවරයා රවී කරුණානායක බව දැන ගැනීමට තිබේ.

රගර් ප්‍රවර්ධනයට යැයි කියමින් මිලියන 70ක් ක්‍රිෂ් සමාගමෙන් ලබාගෙන එම මුදල් තමන්ගේ සාක්කුවට දමා ගැනීමේ මුදල් වංචාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පෙරකදොරු නාමල් රාජපක්ෂව වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් 17දා තංගල්ල නගර මධ්‍යයේ පැවැත්වු කෑකෝ ගැසිමේ නාඩගම සංවිධානය කිරීම ස්ත්‍රීදුෂණ මිනි මැරුම් චෝදනා ලැබූවන් විසින් සංවිධානය කළ කටයුතතක් බව අනාවරණය වේ.

මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිසු ගැටුම දඩමීමා කරගෙන රට තුළ නැවතත් ජාතිවාදී කලබල ඇති කිරීමේ සංවිධානාත්මක උත්සහයක් ඇති බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු. උතුරේ රතිඤ්ඤා කරලක් හෝ පිපිරෙනකම් බලා සිටි දකුණේ සිංහල බෞද්ධ තක්කඩියන්ට දැන් කාලයක් යනකම් මේ සිදුවීම දෙමළාට එරෙහිව පාවිච්චි කරන්නට ප්‍රමාණවත්ය. මේ වන විට සමාජ ජාලාවල පැල පදියම්ව සිටින සිංහල බෞද්ධ වර්ගවාදී කාලකණ්නින්ට ද රජ මඟුල්ය.

යෝජිත විගණන පතනතේ අඩංගු රජය සේවකයන් සඳහා වන අධිබාරය සම්බන්ධ වගන්තිය ඉවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින්ගෙන් එල්ල වන විරෝධය මත තව දුරටත් ඒ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගමැති ලේකම්වරයා විසින් වලක්වමින් ඇති බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනය පිවිස මෙම මස 26 වන දිනට, දින දස දහසක් පිරීම නිමිත්තෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපා‍රය දියත් කිරීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ. මෙම වැඩ සටහනට ආගමික, පාරිසරික, සෞඛ්‍ය, ආදී සමාජ සේවා කටයුතු රැසක් මෙන්ම රට පුරා විශේෂ උත්සව ගන්නාවක්ද සූදානම් කර තිබේ. මේ වෙනුවෙන් මිලියන සියයකට වැඩි මුදල වැය වනු ඇති බවත් දැන ගැනිමට තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේවන සමාගමක් වන ලංකා පුවත් ඒජන්සියේ සිදුවෙමින් තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා පසුගිය රාජපක්ෂ සමයේ පටන්ම එල්ල වූවද වත්මන් යහපාලනයෙන්ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීම වලක්වනු ලබමින් තිබෙන බව වාර්තාවේ.

ld add copy

Connet With Us