සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් - පවිත්‍රා

Published in පුවත්
Wednesday, 23 June 2021 20:58

කොවිඩ් මර්ධනය සඳහා පනවා තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය එම අදහස් පළකර ඇත්තේ කළුතර රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි . එසේම දැඩි දඬුවම් ලබානොදෙන්නේ නම් රට බේරාගැනීම අසීරු බවත් ඉදිරියේ දි පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව නීති දැඩිව ක්‍රියාත්මක කරන බවත් එහිදී ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය,

” අපි ඉතා තදින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතුවෙලා කටයුතු කරනවා. අපට මේ රට බේරගන්න පුළුවන්. මේ රෝගය මර්දනය කරනවා කියන එක කරන්න පුළුවන් කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. පළමු කොවිඩ් රැල්ලේ දී අපිට ඒක කරගන්න පුළුවන් වුණා. දෙවැනි රැල්ලේ දී කොවිඩ් රෝගය මර්දනය කරගන්න පුළුවන් වුණා. තුන්වෙනි රැල්ලත් මර්දනය කර ගන්නවා කියන එක අපහසු කාර්යක් නෙමෙයි. ඒ සඳහා අපි නීති පනවලා තියෙනවා. ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒ සඳහා නීතිමය මාර්ගයෙන් රු 5000ට දාලා තියෙන දඩය රු 50,000ක් හරි කරලා ගැසට් එකක් ගහලා මේ රෝගය මර්දනය කර ගැනීම සඳහා අපි වැඩකරමු.”යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us