මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කෙරේ !

Published in පුවත්
Wednesday, 23 June 2021 13:35

මරණීය දණ්ඩනය නියම වී වසර 20 කට වැඩි කාලයක් සිරගත වී සිටින පුද්ගලයින් 216 දෙනෙකුගේ එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක සිර දඬුවමක් බවට පත්කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. මේ අනුව පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ අතර වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින සිරකරුවන් 17 දෙනෙකුට ද පොසොන් පොහොය නිමිති කොට ජනාධිපති සමාව ලබා දීමට නියමිත බව වාර්තා වී ඇත.

තවද රැඳවියන් වෙනුවෙන් ආහාරපාන ඇතුළු ද්‍රව්‍ය ලබාදීම සඳහා මුදල් භාර ගැනීම යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ,අදාළ බන්ධනාගාරයේ ආපනශාලා වෙත අවශ්‍ය මුදල් ගෙවා රැඳවියන්ට ලබා දිය යුතු ද්‍රව්‍ය ඇණවුම් කළ හැකි බවය.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 23 June 2021 13:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us