අද පාර්ලිමේන්තුවේදී රනිල්ගෙන් සැර ප්‍රකාශයක් !

Published in පුවත්
Wednesday, 23 June 2021 12:30

රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

අතීතය ගැන කථා කිරීමෙන් රට පත්ව සිටින තත්ත්වයෙන් ගොඩ ආ නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට රජය අකමැති නම් එයට ඇති විකල්පය කුමක් දැයි හෙළි කරන ලෙස ද ඉල්ලා සිටියේය.

අද වන විට ප්‍රශ්න ගණනාවක් එකට එකතු වී ඇති බවද සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, මේ පිළිබඳ කථා කිරීමට පාර්ලිමේන්තුව තුළ අවස්ථාව ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

මෙම ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.

"මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ. ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න."

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us