කොවිඩ් පාලනයට කෝටි 20000ක ඇස්තමේන්තුව අද මැති සබයට !

Published in පුවත්
Tuesday, 22 June 2021 11:56

කොවිඞ් ව්‍යසනය පාලනය සහ ඒ වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව අද (22දා) රුපියල් කෝටි විසිදහසක අති විශාල මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම පරිපූරක ඇස්තමේන්තුව හෙට (23දා) විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

අයවැය යෝජනාවලියෙන් වෙන් කෙරෙන වියදම්වලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මගින්ද රජයේ වියදම් සඳහා මුදල් අනුමත කර ගැනීමේ හැකියාව පවතී.

ඒ අනුව මෙය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ඉල්ලා ඉදිරිපත් කරන පරිපූරික ඇස්තමේන්තුව ලෙසද වාර්තා වෙයි.

කොවිඞ් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමටත් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමටත්, ප‍්‍රතිකාර සේවා පුළුල් කිරීම හා ඊට සමගාමී කටයුතු අඛණ්ඩව සිදුකිරීමටත් අදාළ මුදල ඉල්ලා සිටින බව මුදල් අමාත්‍යාංශය පසුගියදා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us