ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 30ක් සමග චීනා ඇතුළු සිව් දෙනෙක් දැලේ !

Published in පුවත්
Tuesday, 22 June 2021 11:49

ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පත් 30ක් සමග ගල්කිස්ස පොලිසිය මගින් ඊයේ(21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ සපයන ආයතනයක් විසින් කළ පැමිණිල්ලක් මත ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය විසින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ පුද්ගලයින් ඔන්ලයින් ක‍්‍රමවේදය අනුව ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් භාණ්ඩ ඇණවුම් කර ව්‍යාජ කාඞ්පත්වලින් ගෙවීම් සිදුකරන බවත් එම භාණ්ඩ ලබා දුන් ආයතන විසින් ගෙවීම් කළ කාඞ්පතට අනුව මුදල් ලබා ගැනීමට යාමේදී එම කාඞ්පත් ව්‍යාජ ඒවා බවට තහවුරු කරගෙන ඇත.

ඒඅනුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදුකළ විමර්ශනයකදී අදාළ පුද්ගලයින් විසින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් සකස් කරන බවට අනාවරණය වී ඇති අතර ඒ සඳහා උපයෝගී කරගන්නා ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් 30ක් පමණ සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.

ඔන්ලයින් ක‍්‍රමවේදය ඔස්සේ ලබාගන්නා භාණ්ඩ අදාළ පුද්ගලයින් විසින් නැවත අලෙවි කිරීමක්ද සිදුකර ඇතැයි අනාවරණය කරගෙන ඇත.

අදාළ සැකකරුවන් විසින් මෙම මස 18 සහ 19 දින දෙකක් තුළ දී රු 7,87,000ක මුදලක් වංචාකර ඇති බවට අනාවරණය වී තිබේ. සැකකරුවන් මහනුවර, වරකාපොළ හා ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් චීන ජාතිකයාගේ සහය මත ඔවුන් එම ව්‍යාජ කෙඩිට් කාඞ්පත් සකස් කර ගල්කිස්ස වටලප්පල පාරේ කුලී නිවසක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද හෙළි කරගෙන තිබේ.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාගේමෙහෙයවීමෙන් අපරාධ අංශයේස්ථානාධිපතිඅලහකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (21) දින ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us