රටම ආවරණය වන පරිදි සන්නිවේදන කුලුනු ඉදි කිරීමට පියවර !

Published in පුවත්
Tuesday, 22 June 2021 11:02

වසර දෙකක් ඇතුළත සමස්ත රටම ආවරණය වන පරිදි සන්නිවේදන කුලුනු ඉදි කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලුනු 49ක් ඇතුළුව මෙම වසරේ දී දිස්ත්‍රික්ක දහයක කුලුනු ඉදි කෙරෙන බවත් ඒ මහතා කීවේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එක් එක් සමාගම්වල අවශ්‍යතාව අනුව කුලුනු පිහිටුවීමේ ක්‍රමය නිසා රටේ ඇතැම් ප්‍රදේශවල රික්තකයක් ඇති වී තිබෙන බවත් මේ තත්ත්වය නිවැරදි කර මුළු රටම ආවරණය වන පරිදි ජාතික සැලස්මකට අනුව කටයුතු කරන බවත් කී නාමල් රාජපක්ෂ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සියලු සන්නිවේදන ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us