ගම්මන්පිලට එරෙහිව අත්සන් තැබූ විශ්වාසභංගය හෙට කථානායක අතට !

Published in පුවත්
Monday, 21 June 2021 18:26

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි. මේ බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව එම මන්ත්‍රීවරුන් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබුණි.

ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල වගකිවයුතු බව සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පසුගියදා තීරණය කර තිබෙනවා. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුණි.
ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව පොහොර හිඟය සහ කොවිඩ් තත්ත්වය පිළිබඳවද එම රැස්වීමේදී සාකච්ඡා කර තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us