දිවයිනේම කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් !

Published in පුවත්
Friday, 18 June 2021 08:19

සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර ඇත. ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමග මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවය.

එසේම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු කළද ඉදිරියේදී පුද්ගල ක්‍රියාකාරකම් සිදු කිරීමේදී එනම් සාද පැවැත්වීම වෙනත් පුද්ගල ඒකාරාශීවීම්වලට ඇති සීමාවන් ලිහිල් නොකරන බවද ඇය සඳහන් කළාය.

එසේම සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුවීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බවද කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කර ඇත.

මේ අතර මෙරටින් පළමුවරට හමුවූ ‘ඩෙල්ටා’ යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සදහන් කර ඇත.

''දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත් පිළිබඳව කරපු අධ්‍යයනයන්වලදී හෙළි වෙලා තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයට එන්නත්වල එක මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ කියලා. මේ එක මාත්‍රාවකින් ලැබෙන්නේ සීයට තිස් තුනක ප්‍රතිශක්තියක් විතරයි. ඒක මේ ප්‍රභේදයට ප්‍රමාණවත් නැහැ’’

B.1.617.2 යනුවෙන් වර්ග කර ඇති මෙම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ‘‘අපට සිතා ගත නොහැකි තරම් නරකම’’ ප්‍රභේදයක් බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. එසේම මෙම ඩෙල්ටා ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති ‘ඇල්ෆා’ හෙවත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයට වඩා 50%ක වේගයෙන් ව්‍යාප්ත වන බවයි ඔහු සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us