අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබදව නව ගැසට්ටුවක් !

Published in පුවත්
Friday, 18 June 2021 08:55

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

එම ගැසට් නිවේදනයට අදාළව මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුළත් වේ.

වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරන සියලුම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කළ යුතුය.

එම පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව හා ආරක්ෂක මෙන්ම මෙහෙයුම් පවත්වා ගැනීම ඒ අනුව සිදුකළ යුතු වේ.

මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ඒකකද, මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු, රක්ෂණ සේවාවන්ද එම ගැසට් නිවේදනයෙන් ආවරණය කෙරේ.
එමෙන්ම සමූපාකාර, සතොස ආදී ජනතාවට ආහාර පාන සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට ආයතනද එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර මැනිං වෙළෙඳ පොළ ඇතුළු දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘතව පවතී.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීම දින කිහිපයකට වරක් සිදුවන අතර ඒ අනුව ඊයේ (17) දිනයේද මධ්‍යස්ථාන විවෘතව තැබුණි. ඒ අනුව යළිත් දින 03 කින් කොළඹ මැනිං වෙළෙඳපොළ සහ ආර්ථික මධස්ථාන විවෘතව තැබීමට නියමිතය.

මේ අතර එළවළු සහ ආහාර පාන අලෙවි කිරීමේදී සිල්ලර වෙළෙඳුන් මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබේ. ව්‍යාපාරකයින් සහ ජංගම වෙළෙද රථ රථවල අලෙවි කරන භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට ලද පැමිණිලි මත එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

 -පංචාලි අබේසේකර

 

Last modified on Friday, 18 June 2021 08:56

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us