හෙට සීමාවන්ට යටත්ව රට විවෘතයි!

Published in පුවත්
Sunday, 20 June 2021 12:11

හෙට (21) දින රට විවෘත වන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව එම සීමාවන්ට යටත්ව කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දී ඇත.

මේ අනුව නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාව තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතු වන අතර කාර්යාල සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි. සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය වෙයි. මේ අතර නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝග ද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය.

පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මකය. ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි. සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවේ. පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතු වෙයි.

මේ වන විට දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතය. කෙසේ නමුත් 23 වනදා රාත්‍රී 10.00 සිට යලි සංචරණ සීමා පැනවෙන අතර එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us