දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබළුන් පිළිබද විමර්ශන !

Published in පුවත්
Monday, 21 June 2021 09:40

එරාවුර් නගරයේ දී සංචරණ සීමා නොතැකූ පිරිසක් නගරය මැද දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ වූ යුද හමුදා සෙබළුන් සම්බන්ධව යුද හමුදා පාලිස් කණ්ඩායමක් පිටත්කර විමර්ශනයක් ආරම්භ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගෙන තිබෙනවා.

මෙම විමර්ශන අවසන් වන තෙක් සිද්ධිය වූ ස්ථානයේ රාජකාරි කළ හමුදා නිලධාරියා හා සෙබළුන් දෙදෙනා මව් ඒකකය වෙත මාරු කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් දිගින් දිගටම කොවිඩ් ආශ්‍රිතන් වාර්තාවෙද්දිත් පොලිස් අණ නොතකා නගරවලට පුද්ගලයන් පැමිණීම සීමා කිරීමට යුද හමුදාවද කැඳවා තිබී ඇත.

හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවල තුන්දෙනා බැගින් පැමිණ දහඅට දෙනකු පමණ නගරයේ හෝටලයකට වී සිටියදී අවවාද කළද තුන් වතාවක් හමුදා අණ නොතකා විටින් විට එහි පැමිණ ඇති බවත් එහි දී අවසන් වතාවේ එම පිරිස විනාඩි පහක් පමණ නගරය මධ්‍යයේ දණගැස්වීමට හමුදා සෙබළුන් කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us