ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව ඇති අතර එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙලඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පසුගියදා පවසා තිබුණා . තවද අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්‍ය බවයි ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ද ප්‍රකාශ කර තිබුනා. කෙසේ වෙතත් ගෑස් මිල පිලිබදව සොයාබැලීම සදහා පත් කල අනු කමිටුව තීරණය කර ඇත්තේ මිල ඉහල නොයා යුතු බවයි .
-පංචාලි අබේසේකර