දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබළුන් පිළිබද විමර්ශන !

Published in පුවත්
Monday, 21 June 2021 13:54

එරාවුර් නගරයේ දී සංචරණ සීමා නොතැකූ පිරිසක් නගරය මැද දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ වූ යුද හමුදා සෙබළුන් සම්බන්ධව යුද හමුදා පොලිස් කණ්ඩායමක් පිටත්කර විමර්ශනයක් ආරම්භ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගෙන තිබෙනවා.

මෙම විමර්ශන අවසන් වන තෙක් සිද්ධිය වූ ස්ථානයේ රාජකාරි කළ හමුදා නිලධාරියා හා සෙබළුන් දෙදෙනා මව් ඒකකය වෙත මාරු කර තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් දිගින් දිගටම කොවිඩ් ආශ්‍රිතන් වාර්තාවෙද්දිත් පොලිස් අණ නොතකා නගරවලට පුද්ගලයන් පැමිණීම සීමා කිරීමට යුද හමුදාවද කැඳවා තිබී ඇත.
හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවල තුන්දෙනා බැගින් පැමිණ දහඅට දෙනකු පමණ නගරයේ හෝටලයකට වී සිටියදී අවවාද කළද තුන් වතාවක් හමුදා අණ නොතකා විටින් විට එහි පැමිණ ඇති බවත් එහි දී අවසන් වතාවේ එම පිරිස විනාඩි පහක් පමණ නගරය මධ්‍යයේ දණගැස්වීමට හමුදා සෙබළුන් කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

එක රටක් එක නීතියක් !

එක රටක් එක නීතියක් යන කියමන ජනතාවට හුදු සිහිනයක්ම පමණක්ව තිබුණි. ඒ අප ලංකාව තුල එහෙව් දෙයක් මෙතෙක් රට පාලනය කල කිසිවෙකු ක්‍රියාවට නැගුවේ නැති හෙයිනි. ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක තිබිය යුතුම මුලික සාධකය ලෙස මෙම ''එක රටක එක නීතියක්'' යන සංකල්පය තිබිය යුතුම දෙයකි. එහෙත් මෙතක් රට පාලනය කල පාලකයන් සිදු කලේ මහජනතාවගේ ජන්දයෙන් තේරී පත්වී පොඩි මිනිසාට කුඩම්මාගේ සැලකිලි අත්විදීමට සැලසීමය. එය තේරුම් ගත් ජනතාව දේශක් ප්‍රේමියෙකුට කතිරය ගැසුවේ දෙවරක් නොසිතාය. රටේ වාසනාවට ජනතාවගේ බලාපොරොත්තු ඉටුවිය. එහෙත් රට අගාදයට ඇද දැමීමට බලා සිටින ඇතැම් පිරිස් වත්මන් පාලන ක්‍රමය නිර්වචනය කිරීමට මිලිටරි ක්‍රමය යන වචනය යොදාගත්තේය..රටකට අවශ්‍ය හමුදා පාලනයක් නොවන බව පවසමින් ,බොරු බේගල් ඇද බාමින් ආණ්ඩුව කණපිට ගැසීමට දත කන පිරිසක් අදද ආණ්ඩුව විවේචනය කරමින් කල් මරමින් සිටින්නේය.

එහෙත් සැමට සමාන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොකර රට පලනය කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නේ ඇති මහත් උත්සහායක්ය .ඒ තුල ශ්‍රිලංකාවේ ත්‍රිවිධ හමුදාව කරනු ලබන කාර්යභාරය අති මහත්ය. මෙවන් ව්‍යවසනකාරී වාතාවරණයක් තුල මිලියන 22ක්පාලනය කිරීම අසීරු කටයුත්තක් බව අප දනිමු. එය තුල සුළු අඩු පාඩුකම් සිදුවීමද සාමාන්‍ය දෙයකි. අනෙක් කරුණ නම් මෙතරම් ව්‍යවසනයක් තුල එය පාලනය කිරීමට ජනතාවගේන් ලැබෙන සහයෝගය අවම වීමය. කොතරම් දැනුම්වත් වීම සිදු කලද ජනතාව වගකීම් විරහිතව හැසිරීම තුලින් සිදුවන්නේ පවතින ව්‍යවසනකාරී තත්වය මහා අර්බුධයක් කරා ගමන් කිරීමය. එය එසේ සිදුවෙද්දී ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියට සිදු වන්නේ එයට දඩුවම් පමුණවමින් මෙය මර්දනය කිරීමට පියවර ගැනීමය..ඊයේ දිනයේදීත් එරාවුර් නගරයේදී සිදුවුයේ එවැන්නකි. සංචරණ සීමා නොතැකූ පිරිසක් නගරය මැද දණගැස්වීමට හමුදා සෙබළුන් පියවර ගෙන ඇත්තේ එහිදීය. එහෙත් එම දඩුවම පුද්ගල ගරුත්වයට හානි ගෙනදෙන්නකි. එසේම නීතියට පටහැනිය. එම නිසා යුධ හමුධපතිවරයාගේ නියෝගය අනුව එලෙස දඩුවම් පැමිණවූ සෙබළුන් සම්බන්ධ විමර්ශන සිදු කිරීමට පියවර ගත්තේය. ඒඅනුව විමර්ශන කටයුතු අවසන් අවන තෙක් එම සෙබළුන් දෙදෙනාට ස්ථාන මාරුවක් ද ලබා දීමට කටයුතු කර ඇත. මෙය අපට සුවිශේෂි වන්නේ මෙතෙක් පැවතී පාලනයන් තුල අප දුටුවේ ජනතාවට වන අසාධාරණකම් ඉදිරියේ හින් සීරුවේ තම නිලතල රැකගනිමින් ලිස්සා යන පාලකයන්ය. එහෙත් අද ඊට සහමුලින්ම වෙනස් එක රටක එක නීතියක් ගෙන දෙමින් ජනතා හිතවාදී පාලනයක් රට තුල ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනපතිවරයා පියවර ගෙන ඇත්තේ ඒ අයුරීන්ය.

-පංචාලි

Last modified on Monday, 21 June 2021 13:57

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us