හෙද සේවයේ සියලුම පුද්ගලයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරේ !

Published in පුවත්
Monday, 14 June 2021 10:19

හෙද සේවයේ සියලුම ශ්‍රේණීන්ට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන්ගේ හිඟයක් පවතින බැවින් මෙම පියවර ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

හෙද හෙදියන්ගේ මේ වන විට පවතින විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 55කි. යම් හෙද නිලධාරියෙක් හෝ නිලධාරිනියක් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු අවුරුදු 63ට පෙර විශ්‍රාම යාම සඳහා කැමැත්ත පළ කළහොත් සේවා කාලයට අනුරූපීවම විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ඇතුළු වරප්‍රසාද හා හිමිකම් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීමට ද නියමිතය.

මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මැදිහත් වීමෙන් විශේෂ සාකච්ඡාවක් ද පසුගියදා පැවැත්විණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us