විශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණ ඔන්ලයින් ක්‍රමයට !

Published in පුවත්
Monday, 14 June 2021 11:55

විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී අභියෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමේ තීරණය ලබන වසර දක්වා කල් දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා අදාළ පාඨමාලාවලට සුදුසුකම් ලැබීමට සිදු වන්නේ එම අභියෝග්‍යතා පරීක්ෂණවලට පෙනී සිටීමෙන් බව එම කොමිෂන් සභාව පවසයි.

පාඨමාලා තිහකට පමණ සිසුන් බඳවා ගැනීම සඳහා ඒ ඒ විශ්වවිද්‍යාල මගින් අයැදුම්පත් කැඳවා අභියෝග්‍යතා පරීක්ෂණ පැවැත්වෙන අතර මෙවර එම පරීක්ෂණ ද පැවැත්වෙන්නේ මාර්ගගත ක්‍රමයට ය.(online)

උසස් පෙළ ප්‍රතිඵලවලට අමතරව අභියෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමෙන් ඇතැම් සිසුන්ට අසාධාරණයක් වන බවට එල්ල වූ චෝදනා අනුව මෙම වසරේ සිට අභියෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව කලින් තීරණය කළ නමුත් ඒ සඳහා උපකුලපතිවරුන්ගේ එකඟත්වය නොලැබීම මත එම තීරණය ලබන වසර දක්වා කල් දමා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us