පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය !

Published in පුවත්
Monday, 14 June 2021 12:07

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට, සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහා ම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ලබාගත හැකි බව ද අගමැතිවරයා එහිදී සදහන් කර ඇත.
පාසල් නැවත ආරම්භ කිරීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. රටේ අධ්‍යාපන කලාප 99 උදෙසා ම තම සංගමයේ නියෝජිතයින් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව ඔවුහු පැවසූහ.

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පෙන්වා දී ඇත. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා එහිදී පේනවා දී තිබේ.
රටේ අනාගත දරු පරපුර මෙන් ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ද ආරක්ෂා කර ගැනීමට රජය සෑම විට ම කටයුතු කරන බව අගරමත්ය මහින්ද රාජපක්ෂ එහිදී අවධාරණය කර තිබේ.

පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැඳවා ගැනීම පිළිබඳ ව වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද එහිදී අගමතිවරයා විශේෂ ඉල්ලීමක් කර තිබේ.

-පංචාලි අබේසේකර

school1school2school3

Last modified on Monday, 14 June 2021 12:09

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us