බස් ගාස්තු 25%කින් වැඩි කරන ලෙස ඉල්ලීම් !

Published in පුවත්
Monday, 14 June 2021 09:08

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ගාස්තු 25%කින් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කර සිටිනවා .

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට සිදුව ඇති හෙයින් ඒ සඳහා තවත් සියයට දහයක බස් ගාස්තු සංශෝධනයක් ද සිදුකළ යුතු බවයි ඔහු පවසා සිටියේ.

ඉන්ධන මිල ඉහළ දැමීම, ලීසිං වාරික ගෙවීමේදී සහනයක් නොලැබීම, ටයර් ඇතුළු අමතර කොටස්වල මිල ඉහළ යාම ඇතුළු ගැටලු රාශියක් මැද සිය වෘත්තිය කරගෙන යන බවත් මේ හේතුවෙන් පවතින බස් ගාස්තුවට අමතරව සියයට පහළොවකින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවත් එම සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසා ඇත.

මෙරට ප්‍රධානම බස් සංගමය වශයෙන් මෙම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බව ද මේ පිළිබඳ සෙසු බස් සංගම් හා ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ පිළිබඳ සිය යෝජනා හා අදහස් නිල වශයෙන් මෙතෙක් ඉදිරිපත් කර නැත.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් වී ඇති නමුත් බස් ගාස්තු වැඩි වීම කොපමණ අගයකින් සිදුවිය යුතුයි ද යන්න නිසි අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඇතුළත් ලිපියක් සකස් කරමින් සිටින බවත් හෙට (15දා) එම ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත ලබා දෙන බවත්ය.

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු ද නැති ද වග රජය විසින් තීරණය කළයුතු බවත් එම තීරණයට අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය ධාවනයන් සිදුකරන බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us