ශ්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වෙයි ද?

Published in පුවත්
Friday, 11 June 2021 12:51

ශ්‍රී ලංකාවේ GSP+ සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඊයේ (10) සම්මත කර ගෙන තිබේ.

මෙම යෝජනාවට හේතු වී ඇත්තෙ, ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වීම යන්නයි.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ද, විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබේ.

තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව දැඩි කනස්සල්ල පළ කර තිබේ.

තව ද සිවිල් සැකකරුවන් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලීසියට පුළුල් බලතල ලබා දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළ බවට ද වාර්තා වේ.

මේ අතර සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයින්, ලේඛකයින් නිසි ක්‍රියාදාමයකින් තොරව අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සම්මත කළ අදාළ යෝජනාව මගින් දැඩි අවාධානයකට යොමු කර ඇත.

මෙහිදී හිජාස් හිස්බුල්ලා මෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.

ඒ අනුව යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, නිසි චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වහාම ලබා දෙන ලෙස හෝ කිසිදු චෝදනාවක් නොමැති නම්, ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු කොන්දේසිය මත 2017 මැයි 19 වනදා ශ්‍රී ලංකාව GSP+ සහනය යළි ලබා ගත් බවද එහි සඳහන් ය.

යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ,
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල ප්‍රගතිය සඳහා තල්ලුවක් ලෙස GSP+ යොදා ගන්නා ලෙසයි.

GSP+ සහනය මගින් රටේ අපනයනකරුවන් සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට දිරිගැන්වීමක් ලබා දෙන බව එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

තව ද GSP+ සහනය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික වර්ධනයක් ලබා දී ඇති බවත්, ඉන් යුරෝපා සංගමයට සිදුකරන අපනයන යුරෝ බිලියන 2.3 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළ බවට පත්ව ඇති බව ද අදාළ යෝජනාව අවධාරණය කර ඇත.

රෙදිපිළි හා ඇඳුම් ආයිත්තම්වලින් යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රමුඛ වන අතර එය 2020 දී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට 52.3% ප්‍රතිශතයක අපනයනයන් සිදු කර තිබේ.

-සිරස

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us