ගෑස් මිළ ඉහළ යයිද ?

Published in පුවත්
Saturday, 12 June 2021 16:34

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු තීරණයක් ගෙන නොමැති අතර මිල ගණන් අධ්‍යයනය කිරීම සඳහා පංච පුද්ගල අනුකමිටුවක් පත් කර තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. එමෙන්ම එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙලඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි. තවද අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්‍ය බවයි ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පවසන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us