එක්ස්ප්‍රස් පර්ල නෞකා අනතුරෙන් බැටකෑ ධීවර ප්‍රජාව ගැන අගමැතිගේ අවධානය !

Published in පුවත්
Saturday, 12 June 2021 16:52

ගිනිගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරෙන් බලපෑමට ලක්වූ මීගමුව සිට පානදුර දක්වා වෙරළ තීරයේ ජනතාවට නිසි අවබෝධයකින් අනතුරුව ධීවර කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර ඇත.

මේ අතර රුපියල් 5,000 දීමනාව නෞකා අනතුර හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සඳුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

පරිසර, ධීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ නෞකාව ගිනිගැනීමෙන් ඇතිවූ හානියට වන්දි තක්සේරු කිරීමට හා අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීමට අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එසේම එම ස්ථානයෙන් නෞකාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මේ අතර මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවනවා ද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද(12) ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට යාමට නියමිත බව පොලිසිය පවසයි.

අදාළ කණ්ඩායම විසින් එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජල සාම්පල ලබා ගැනීමට නියමිත අතර ලබා ගන්නා ජල සාම්පල ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක කලාප 15 න් 8 ක්ම පිහිටා තිබෙන්නේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන කලාපය තුළ බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.

අපගේ සංචාරක කටයුතු බොහෝමයක් සිදුවන්නේ මුහුදු වෙරළ පරිසරය, ජෛව විවිධත්වය ආශ්‍රිතව වන බැවින් සහ විදේශිකයින් අතර බොහෝ ජනප්‍රිය මුහුද ආශ්‍රිත ආහාරවන ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් පිළිබ ද යම් ගැටලු ඇතිවිය හැකි බව එතුමිය සඳහන් කරයි.

ගිනි ගැනීමට ලක්වූ නැවෙන් මත්ස්‍ය සහ මුහුද ආශ්‍රිත ආහාරවලට කොතරම් බලපෑමක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද එතුමිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us