චමුදිතට නීතිය ක්‍රියාත්මක කරන්න - පියුමි සහ චන්දිමාල්ගේ නීතිඥවරයා ඉල්ලයි!

Published in පුවත්
Wednesday, 09 June 2021 11:56

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ යන දෙදෙනාගේ නීතිඥයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය ජුනි 04 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් ඔස්සේ මන්ජු ශ්‍රි චන්ද්‍රසේන නම් නීතිඥවරයා නීතිපතිවරයාට පෙන්වා දී ඇත්තේ පසුගියදාක පෞද්ගලික රුපවාහිනී නාළිකාවක් ඔස්සේ විකාශය කෙරුණු සංවාදාත්මක වැඩසටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමට චේතනාන්විතව කටයුතු කර ඇති බවයි.

එම ලිපියේ මෙසේද සඳහන්වේ,

“..එහිදී ගරු අධිකරණය වැරදි තීන්දුවක් ලබාදී ඇති බව සමාජගත වන අයුරින් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියා ප්‍රශ්න ඇසූ බවත්, එක අවස්ථාවක ඔහු අධිකරණය වැරදිද යන ආදී වශයෙනුත්, තවත් අවස්ථාවක ඔහුට අධිකරණය ගැන ප්‍රශ්න ඇති බවටත් ප්‍රකාශ කළ බවත්, චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාගේ හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී.” යනුවෙනි.

මෙම කරුණු සලකා බලා වරදක් සිදුකර ඇත්නම් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ නීතිඥවරයා නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us