දඹුල්ලට ගලන විශාල එළවළු තොග !

Published in පුවත්
Wednesday, 09 June 2021 11:32

මධ්‍යම රාත්‍රී 12.00 ට විවෘත කිරීමට තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පෙරේදා (07දා) රාත්‍රී 10.00ට විවෘත කොට ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට පොලිසිය හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පියවර ගත්තේය.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (08දා) සහ අද (09දා) විවෘත කර තැබීමට රජය අවසරය ලබාදී තිබිණි. එහෙත් 07 දින මධ්‍යම රාත්‍රියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට තීරණය කොට තිබිණි.

රාත්‍රී 7.00 පසු වනවාත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු පුරවාගත් ලොරි රථ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ප්‍රධාන මාර්ග දෙපස දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දැක ගැනීමට හැකිවිය.

බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තම අස්වනු රැගෙන ආ ගොවීන්ට අමතරව එළවළු තොග මිලදී ගැනීම සඳහා පැමිණි වාහන ද විශාල වශයෙන් දැකගන්නට ලැබිණ. ඒ අනුව පොලිසිය සහ කළමනාකරණ භාරය ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළු කර ගැනීම සහ එළවළු අලෙවි කිරීම සිදු කරන්නටඅවසර දී තිබිණි. එහෙත් ඊයේ(08 දා) පෙරවරු වන විටත් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කරගැනීමට නොහැකි එළවළු පිරවූ රථ බොහෝමයක් මහනුවර යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගර මධ්‍යයේ දෙපස නවතා පෝලිම් ගසා ඇති අයුරු දැක ගැනීමට හැකිවිය.

ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මධ්‍යස්ථ මිල ගණන් යටතේ පැවතිණි. කෙසේ වෙතත් කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබී තිබුණු කැරට්, ලීක්ස්, බෝංචි, මාළුමිරිස්, ගෝවා ආදී එළවළු කිලෝ එකක තොග මිල සඳහන් වූයේ රුපියල් සියයේ සිට දෙසිය අසුවක් දක්වා වූ විවිධ මිල ගණන් යටතේය.

පහත රට එළවළු වම්බටු,මෑකරල්,දඹල,වැටකොළු ආදී එළවළු වර්ග තොග මිල ද රුපියල් සියයේ සිට එක එකසිය පනහ දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අමුමිරිස් කිලෝවක් රුපියල් එකසිය අසූවත් දෙසීයත් අතර මිල පැවැති අතර තක්කාලි කිලෝවක් රුපියල් 100 ඉක්මවා තිබීම විශේෂත්වයකි.

එමෙන්ම එළළුවලට අමතරව විශාල පලතුරු තොග ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථානය තුළ මුඛ ආවරණ පැලඳීම ඉහළ ප්‍රතිශතයක පැවති අතර මීටරය පරතරය පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් පැවතිනි. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වෙළෙඳුන් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි අතර රථවාහන පාලනය කිරීම සඳහා රාත්‍රි අටේ සිට පසුදින දහවල් දක්වාම පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරුද දැක ගැනීමට හැකි විය.

පෙර දින ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් තම එළවළු නිෂ්පාදනය උඩම නිදා සිටින අයුරු දැක ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි. ගොවීන් කියා සිටියේ පසු දින පෙරවරුවේ සිට තම එළවළු අස්වැන්න නෙළා වෙළෙඳපොළට ගෙනවිත් නිදි වර්ජිතව සිටින බවය .

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us