අගෝස්තු මස සිට නව විශ්වවිද්‍යාලයක් !

Published in පුවත්
Wednesday, 09 June 2021 11:03

ලබන අගෝස්තු මස 01 වන දින සිට වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය ජුලි මස 31 වන දින සිට අවලංගු කෙරෙන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

වව්නියාව නව විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යාය හා තාක්ෂණික අධ්‍යයන ශාඛාවන් හි උසස් අධ්‍යාපනය ලබාදීමේ, ප්‍රවර්ධනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා ස්ථාපිත කෙරේ.

ව්‍යාපාර අධ්‍යයන පීඨය මූල්‍ය හා ගිණුම්කරණ හා ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ‍, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණ සහ ව්‍යවසායකත්ව යන අධ්‍යයන අංශයන්ගෙන් සමන්විතය.

ව්‍යවහාරික විද්‍යා පීඨය, භෞතික විද්‍යා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ගෙන් ද තාක්ෂණික අධ්‍යාපන පීඨය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයෙන් ද සමන්විත වන බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us