හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීමට දුරකථන අංකයක්

Published in පුවත්
Friday, 11 September 2026 09:14

හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

“Sri Lanka Police App” ලෙස හඳුන්වා දී ඇති මෙම යෙදවුමට ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

මෙම යෙදවුමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන්, අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.

119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීමට අමතරව, මෙම යෙදවුම හරහා ද කඩිනමින් තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කිසියම් අනතුරකට හෝ කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී වුවද මෙම යෙදවුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය කඩිනමින් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.

Play Store ඔස්සේ Sri Lanka Police App වෙත පිවිස ලියාපදිංචි විය හැකි අතර, ජාතික හැඳුනුම්පතක් ඇති දරුවන්ට ද ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම මෙම පොලිස් යෙදවුම අවභාවිත කිරීම නොහැකි බවත්, 2025 වසරේදී 119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ක

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us