වරාය නගර කොමිසමේ සාමාජිකත්ව බහුතරය ශ්‍රී ලංකිකයන්ට. රජය එකඟවේ.

Published in පුවත්
Thursday, 22 April 2021 13:26

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ අද පැවැත් වැඩිදුර විභාගය දී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බව ප්‍රකාශ කළේය.

අදාළ කොමිසම සඳහා සාමාජිකයන් පස් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර සාමාජිකයන් හත් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් සිව් දෙනෙකු ලාංකිකයින් වනු ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙ‍ටුම් පත තුල ජනාධිපතිවයා පත් කරන කොමිසමේ සාමාජිකත්වයට පත්වන්නේ දේශිය නියොජිතයන්ද විදේශිකයන්ද යන ගැන සඳහනක් වූයේ නැත. මේ නිසා විදේශීය නියෝජිතයන් පත් කිරීම හරහා වරාය නගරය ගැන තීන්දු තීරණ ගැනීම විදේශිකයන් සතු වන බවට පෙත්සම්කරක පාර්ශ්ව විසින් පෙන්වා දි තිබිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.

පෙත්සම් විභාගය ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පනත් කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති දැනුම් දුන්නේය.

ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමට උපකාරී වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව පැවසීය.

පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us