මේ ආණ්ඩුව, වෙනම ආණ්ඩුවක් රට තුළ නිර්මාණය කරන්න ඉඩ දෙන්නෑ -ප්‍රසන්න රණතුංග

Published in පුවත්
Thursday, 22 April 2021 13:20

සංවර්ධන කටයුතු කරනකොට විපක්ෂයේ ඇහැට කටු අනිනවා වාගේ බලන් ඉන්න බෑ. බොරු චෝදනා දාලා මේ සංවර්ධන වැඩ කටයුතු අඩාල කරන්න විපක්ෂය උත්සහ කරනවා.

පෝට් සිටි චෝදනාවත් ඒ වගේ එකක්. පෝට් සිටි පනතෙන් මේ රටේ ස්වෛරී භාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට කිසිදු හානියක් වන්නේ නැහැ. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පැවති 30 වසරක යුද්ධය අවසන් කරලා රට එක්සේසත් කරපු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුව වෙනම ආණ්ඩුවක් රට තුල නිර්මාණය කරන්න ඉඩ දෙයිද.? යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්තනගල්ල කරස්නාගොඩ පැවැති බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැකවූ ඒ මහතා මෙසේද පැවැසීය.

දැන් අද කව්ද මේ පෝට් සිටි පනත හරහා චීන කොළණියක් හැදෙනවා, වෙනම රටක් හැදෙනවා ආණ්ඩුව රට පාවා දෙනවා කියලා කෑ මොර දෙන්නේ. මේ කෑ මොර දෙන්නේ එදා කොටින්ට ආයුද සල්ලි දුන්නු ප්‍රේමදාස පුතානෝ. රනිල් වික්‍රමසිංහගේ රට පාවා දුන්නු ඊනියා සාම ගිවිසුම ගහන වෙලාවේ ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා හිටපු ප්‍රේමදාස පුතානෝ. රටේ ජාතික ආරක්ෂාව බිංදුවට දාපු,
රණවිරුවන් හිරේ යවපු, රට වෙනුවෙන් කථා කරපු ස්වාමීන් වහන්සේලා හිරේ දාපු, කොටින්ම හොර රහසේ කොටින්ට රට පාවා දෙන්න කුමන්ත්‍රණය කරපු යහපාලන නඩය. යහ පාලන නඩය රට පාවා දෙද්දි ඒකට විරුද්ධව වචනයක්වත් කථා නොකරපු රතු අලි පැටව්.කොටි සංවිධානයත් එක්ක එකතුවෙලා රට බෙදන්න කුමන්ත්‍රණය කරපු සුමන්දිරන් ඇතුලු කොටි නඩේ.

අපි ඉතා පැහැදිලිව කියනවා මේ අය තමයි එදා බටහිරට රෙජීම් චේන්ජ් එකකට කඩේ ගියේ. මේ හදන්නේ ආයෙත් පාරක් ඒ වගේ දෙයක්. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිසේත් මේ රට පාවා දෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂයේ බොරු වලට රැවටෙන්න එපා. 2020 අපි බලයට පත්වුනේ වැඩ කරන රටක් නිර්මාණය කරන්න. ගෝඨාභය රාජපක්ෂ රට හදන දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතා පැහැදිලිව කියනවා ''සැමට පිරිසිදු පාණිය ජලය සැපයීම ආණ්ඩුවක් වගකීමක් ලෙස සලකන බව'' පැය විසි හතර පුරාම රටේ සියළු නිවාස වලට පිරිසිදු පානීය ජලය සැපයීමට කටයුතු කරන බව එහි දැක්වෙනවා.

කොවිඩ් නිසා රට තුල කිසියම් පසුබෑමක් සිද්දවුනත් අපි රටේ සංවර්ධනය අඩාල කලේ නැහැ. මේ ව්‍යාපෘතිය 2022 මැද භාගය වන විට අවසන් කිරීමට අපි අපේක්ෂා කරනවා.

2019 දී ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්කරන්නත් 2020 දී අපිව බලයට පත් කරන්නත් ඡන්දය දුන් සියළුම ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් තබා ගන්න.

ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසයට කිසිදු පලුද්දක් වන්නට අපි ඉඩ තබන්නේ නැහැ. ජන වරමට හානි වන,නැත්නම් ජන වරමට එරෙහි කිසිදු ක්‍රියාවකට මේ ආණ්ඩුව සුදානම් නැහැ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us