මතින් රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් !

Published in පුවත්
Thursday, 22 April 2021 13:13

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා සේම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ ප්‍රකශ කර තිබෙනවා.

මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා තීරණය වී තිබේ.

ඒ අනුව අදාළ උපකරණ කඩිනමින් මිලදී ගත් වහාම රට පුරා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡාවේදී තීරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා දැනට මෙරට තුළ සීමිත උපකරණ සංඛ්‍යාවක් පමණක් ඇති බවයි.

වසරකට පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගනු බීමත් රියැදුරන් ලක්ෂයකට ආසන්න වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කිසියම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය හෝ මත් පැන් භාවිත කර රිය පැදවුවහොත් එකී වරදට රුපියල් 25, 000ක දඩයක්, සිර දඬුවමක්, රිය බලපත්‍රය අවලංගු කිරීමක් හෝ බලපත්‍රය අත්හිටුවීම ආදි දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us