තේ අපනයන ආදායම 33% කින් ඉහළට..!

Published in පුවත්
Friday, 23 April 2021 10:56

 මෙම වසරේ (2021) පළමු කාර්තුවේ ශ්‍රී ලංකා තේ අපනයන ආදායම සියයට 33.29 කින් (රුපියල් බිලියන 16.39 කින්) රුපියල් බිලියන 65.62 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් සහ වෝකර් (Forbes and Walker) තේ තැරැව්කරුවන් අප්‍රේල් 21 දින ප්‍රකාශ කළහ.

 

සමාලෝචන කාල පරිච්ඡේදය තුළ තේ අපනයන ප්‍රමාණය සියයට 17.30 කින් (කිලෝ මිලියන 10.31) කින් කිලෝග්‍රෑම් මිලියන 69.89 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මීට අමතරව, එක්සත් ජනපද ඩොලර් වටිනාකම අනුව කිලෝග්‍රෑමයකට ඩොලර් 4.87 දක්වා ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් පවසයි.

මේ අතර, රුපියල අනුව, පළමු කාර්තුවෙහි මෙම වැඩිවීම සියයට 13.62 කින් (රු. 112.58) කිලෝග්‍රෑමයකට රුපියල් 938.97 ක් විය.

මීට අමතරව, 2021 පළමු කාර්තුවෙහි තේ නිෂ්පාදනය සියයට 37.91 කින් (කිලෝග්‍රෑම් මිලියන 20.35) ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් පවසයි.
ශ්‍රී ලංකාවෙන් තේ මිළදී ගන්නා ප්‍රධාන රටවල් පිළිවෙලින් තුර්කිය, ඉරාකය, රුසියාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අසර්බයිජානය, ලිබියාව, සිරියාව, ඉරානය, ජර්මනිය, සවුදි අරාබිය, ජපානය, ජෝර්දානය, චිලී, තායිවානය, යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය, හොංකොං, ලෙබනනය, පෝලන්තය, ඊජිප්තුව, බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us