ජනපති විසින් රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය විමසා බැලේ !

Published in පුවත්
Friday, 04 June 2021 12:01

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කර තිබේ.

ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය, ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිතුමා වෙත එහිදී ඉදිරිපත් කර ඇත.
කොවිඩ් වසංගතය හමුවේ සිය අමාත්‍යාංශ, ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ආර්ථිකයේ සුරක්ෂිතතාවට මුල්තැන දෙමින් ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලැබිණ.
සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us