කොවිඩ් හමුවේ දුෂ්කරතාවට පත් ආගමික ස්ථානවලට ආධාර !

Published in පුවත්
Friday, 04 June 2021 11:19

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදා දීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී සිදු විය.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වෙනුවෙන් මෙම ආධාර බෙදා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ය.

මෙයට පෙර රට වසා දැමූ අවස්ථාවල සහ සංචරණ සීමා පැන වූ කාලවල දී ද මෙලෙස ආගමික ස්ථාන සඳහා ප්‍රත්‍ය පහසුකම් සැපයීම අඛණ්ඩව සිදුවිය. මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන, මෙහෙණි ආරාම ඇතුළු සියලු ම ආගමික ස්ථානවලට "සතොස" සහයෝගය ඇති ව වියළි ආහාර පාර්සලයක් හිමි වීමට නියමිත ය.
මෙම වැඩපිළිවෙළ යටතේ සියලු ම ආගම් නියෝජනය වන පරිදි ආධාර පාර්සල් බෙදා දීම අද දින සංකේතවත් කෙරිණි.

-පංචාලි අබේසේකර

bikkhu5bikkhu 6bikhu2bikkhu3bikkhu4

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us