පියුමිව නිදහස් කරන්න සහය දුන් පොලිස් ලොක්කා සොයා විමර්ශන !

Published in පුවත්
Friday, 04 June 2021 08:45

පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුන් උපදෙස් මතයි.

මේ අනුව මෙම විමර්ශනය සඳහා කොළඹ දකුණ භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි පත්කර ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදය සම්බන්ධ විමර්ශන කොටුව පොලිසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක් නන්දන වෙත පැවැරීමට ද පියවර ගෙන ඇත.

මැයි 30 වැනිදා රාත්‍රියේ පැවැති මෙම උපන්දින සාදයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනකු පමණ පොලිස් නිලධාරීන් විසින් මුදාහැර ඇති බවත් පසුදින උදෑසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් විමර්ශන අරඹද්දි චන්දිමාල් ජයසිංහ හා නිරූපණ ශිල්පී පියුමි හංසමාලි දහවල් කාලයේ පොලිසියට කැඳවා අධිකරණය වෙත පමුණුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

ඒ අනුව පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පෙරේදා (2 වැනිදා) රැගෙන ගිය මෙම සාදයට එක්වූ චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි ඇතුළු පහළොස්දෙනා දින දාහතරක් නිරෝධායනයට යොමුකර තිබේ.

මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සැමරීම සම්බන්ධව හෝටලයේ කළමනාකරුවන් දෙදෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇත.

හෝටලයේ ප්‍රධාන කළමනාකරු හා සිද්ධිය වූ දිනයේ හෝටලයේ රාජකාරි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.හෝටලයේ ඉදිරිපස ලොබියේ ඇති සී.සී.ටී.වී. දර්ශනවලින් සාදයට පැමිණි හය දෙනකු හඳුනාගෙන තිබේ. ඉතිරි පිරිස පසුපස දොරටුවෙන් පැමිණ අතැයි ද සී.සී.ටී.වී දර්ශනවලින් තහවුරු වී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us