එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ කණගාටුව ශ්‍රීලංකා රජයට !

Published in පුවත්
Friday, 04 June 2021 17:38

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම නෞකාව හිමි සමාගම පවසනවා.

සිංගප්පුරුවේ රූපවාහිනී සේවාවක් සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පැවසුවේ මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් හඳුනාගෙන නොමැති බවය.

එම සංවාදයේ කොටසක් මෙසේය ,

"මෙම සිදුවීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇතිවූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. මෙම සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයින් සමග සම්බන්ධ වුණා. නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමගත් අපි වැඩ කරනවා. නමුත් මෙතෙක් නැවෙන් තෙල් කාන්දුවන බව හඳුනාගෙන නෑ."

ඔහු තවදුරටත් පැවසුවේ, "නැවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අප ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතා අඩුයි."

ශ්‍රී ලංකාවේ ජනතාවට වන්දි දිය යුතුයි නේද?

"එය තක්සේරු කරමින් ඉන්නේ. නමුත් මතක තබා ගත යුතුයි...එය දීර්ඝ ක්‍රියාවලියක්. මෙම සිදුවීම නිමවීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේවන විටම ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. අපි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව සමග එකතුව අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසිඳු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය සමහර උපකරණ සැපයීම කළා."

"මේ වනවිට නෞකාවේ කොටසක් ගිලිලා තියෙන්නේ. ඒක දැන් මීටර් 21ක් විතර ගැඹුරු මුහුදු පත්ලේ රැඳිලා තියෙන්නේ. අනෙක් කොටසුත් ගිලෙනවා. අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා නෞකාව සම්පූර්ණයෙන් මුහුදු පත්ලට ගිලෙනකම්..ඉන් පසුවයි කළ හැකිදේ ගැන බලන්න වෙන්නේ. මේ වන විට ගැලවුම්කාර විශේෂඥයින් සෙවිල්ලෙන් ඉන්නේ ඉන්ධන කාන්දුවක් වෙයිද යන්න ගැන." යනුවෙන් සදහන් කර ඇත.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. නෞකාව පරීක්ෂා කිරීමට අද (04) රජයේ රස පරීක්ෂකවරයා ගොස් තිබේ.

රජයේ රස පරීක්ෂකවරයා අද පෙරවරුවේ නැවට ඇතුළු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ද සමගිනි.
මේ අතර නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවේ කපිතාන්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us