අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන !

Published in පුවත්
Saturday, 05 June 2021 09:06

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වහා ම සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) පෙරවරුවේ උපදෙස් දී තිබෙනවා.

විපතට පත්වූවන් මුදා ගැනීමට හා පීඬාවට පත්වූවන්ට සහන සැලසීමට ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනම් වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරන ලෙස ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.
දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට මහ වැසි ඇද වැටීමත් සමඟ ස්ථාන රැසක විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී තිබේ. වැසි ජලයෙන් පහත්බිම් යට වීම, ගංවතුර හා නාය යෑමේ අවදානම ඒ අතර ප්‍රධාන වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුම්වත් කරන ලෙස ද අදාළ නිලධාරින්ට අගමැතිවරයා දැනුම් දී ඇත. මෙම අවස්ථාවට අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්වරු ද එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

prime minister

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us