subash

subash

හෙට(08) කුරුණැගල මාලිගාපිටිය අසල සත්‍යවාදී පිටියේ පැවැත්වෙන මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ‍රැළිය සංවිධානය කිරීම සිදුකරන්නේ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීපව සිටින ශ්‍රීලනීප කණ්ඩායමක් විසින් බව හෙළිවේ. ඒ අතර  දයාසිරි ජයසේකර ,  එස්.බී නාවින්න, ජයරත්න හේරත් ප්‍රමුඛව කටයුතු කරන අතර  ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනන්දු ද විශාල දායකත්වයක් සපයමින් ඇත. එහෙත් මෙම ‍රැළිය සංවිධානයකයා ලෙස  අසංක නවරත්න නැමැති  පළාත් සභා මන්ත්‍රිවරයා පෙනී සිටී.

අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය.

සම්පූර්ණයෙන්ම දෙනෙත් අන්ධව අසරණභාවයට පත්ව සිටින අයෙකුට පවා කිසිවෙකුගේ ආධාරයක්, උපකාරයක් නොමැතිව තමාගේ එදිනෙදා ඕනෑම කටයුත්තක් සිදුකිරීමට මහෝපකාරී වන ලොව අරුම පුදුම ඇස් කණ්ණාඩියක් නිපදවීමට ශ්‍රී ලාංකික තරුණයකු සමත්වී තිබේ. “ආර්ටිපිල් අයි” නම් වන මේ ඇස් කණ්ණාඩිය නිපදවා ඇත්තේ අක්කරෙයිපත්තුව පදිංචි යූ. එල්. එම්. අහස් නම් තරුණයාය.

ඉන්ධන මිල ගණන් විශාල ගණනකින් අඩු කිරීම නිසා පසුගිය මාස තුනේදී ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් මිලියන හාරදහසක (බිලියන 4 ක්‌) පාඩුවක්‌ සිදුවී ඇති අතර මෙම තත්ත්වය මත පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු බව සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට දන්වා තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි, ලිත්, ඇතුළු විවිධ ද්‍රව්‍යයන් බෙදා හරිමින් මහජන මුදල් සහ දේපළ අයථා පරිහරණය කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු වගඋත්තරකරුවන්ට දෙවන වරටද නොතිසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නියෝග කෙළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරන මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපත් ප්‍රතිචාරයක් පළ නොකළ බව බිබිසී වාර්තා කරයි.

නියෝජ්‍ය පොලිස්පති ධූර පුරප්පාඩු පිරවීමට සුදුසුකම් සම්පූර්ණකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන් නොමැතිකම හේතුවෙන් විශ‍්‍රාමික නියෝජ්‍ය පොල්ස්පතිවරු කිහිප දෙනෙක් නැවත පොලිස් සේවයට කැදවීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇත.

එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව තිබූ අගමැති ධුරය ඔහුට නොදුන් මහින්ද රාජපක්ෂ මහතා අද අගමැති අපේෂක ධුරය අයදිමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුපස යාම දෛවයේ සරදමකැයි නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට දහවල් 1.30ට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිළකාමරයේදී සිදු වීමට නියමිතය.

Connet With Us