subash

subash

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඔහු නාමයෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමකින් තොරව සුවිශේෂි ආකාරයෙන් නාම යෝජනා ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන පිරිස්‌ සම්මුඛ පරීක්‍ෂණ සඳහා නාම යෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමට සූදානමින් සිටින බවද ඊයේ (20 වැනිදා) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පත්වූ ඇමැතිවරුන් පිරිසක්‌ අද (21 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට නියමිතය. පක්‌ෂයේ දැඩි විරෝධය නොතකා විසුරුවා හැරි පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ඉල්ලා අස්‌වීම සිදුකරන බව එම පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවිය දුෂ්‍ය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඊයේ (20) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

සන්ඩෙලීඩර් ඉරුදින පුවත්පත් හී හිමිකරුවා වන අසංග සෙනෙවිරත්න මහතා මේ දිනවල ප්‍රසිද්ධියට නොපැමිණ රහස් ජීවිතයක් ගත කරන බවත් මේ හේතුවෙන් ඔහුගේ ව්‍යපාරවල සේවකයන්ට පසුගිය අප්‍රේල් මාසයේ වැ‍ටුපවත් ගෙවීමට එම ආයතන පරිපාලකයන්ට නොහැකිව ඇති බවත් වාර්තාවේ.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැ‍ඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 124ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්හ.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එකෝ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද අංශය වෙත ඇතුළත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා හෘද අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු අසාධ්‍ය රෝගයකින් නොපෙළෙන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.

ඉදිරියේදි පිහිටුවන ලබන සිය රජය මඟින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය නියත වශයෙන්ම අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

කයිට්ස්, කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු කයිට්ස් පොලිසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ආයෝජන පහසුකම් සඳහා මෙන්ම නව කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කිරීමට එකඟත්වය පල කිරීමට චීනයේ, චින්ඩාවෝ ප‍්‍රාන්තයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15 ක් එකඟ වී තිබේ.

මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.

Connet With Us