subash
මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ල නි ප ය ඉදිරියට යන්න බැහැ කියල කියනවා නම් ඒක ලොකු විහිලුවක් බවත් ශ්‍රී ල නි ප ය ආපු ගමනෙ නායකයන් ඕන තරම් වෙනස් වෙලා තිබෙන බවත් කම්කරු රාජ්‍ය ඇමැති ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ බලය රැකගැනීම සඳහා ඉතා අශික්කිත ආකාරයෙන් කටයුතු කළ එස්බී දිසානායක මහතා නැවත අංශක එකසිය අසූවකින් කැරකී රාජපක්ෂ පාලනය විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. එස්බීගේ දේශපාලනයව සුවිශේෂීතාවය මෙයය. ඇට නැති දිව ඕනෑ පැත්තකට හැරවීමේ හැකියාව අන් කවෙරෙකුටත් වඩා ඔහු සතුය.
විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂව නැවත බලයට ගෙන ඒම සඳහා දිවා රැ වෙහෙසෙන්නේ කුමකටද යන්න ගැන ඔහුට එල්ල වී ඇති දූෂන වංචා ප්‍රමාණය අනුව පැහැදිලි වන බව දේශපාලන විචරකයන්ගේ මතය වේ. රාජපක්ෂ පාලන සමයේදී ඕනෑ තරම් දූෂණ වංචා කිරීම සඳහා ඉඩ කඩ විවෘතව තිබිණි. ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ නොපැවැත්විනි.නැවත මේ දූෂිත පාලකයාව බලයට ගෙන ඒමට සැරසෙන්නේ තමතමන්ගේ දූෂණ වංචා හෙළිවීම වලක්වා ගැනීමට බව මේ අනුව තහවුරු වේ. මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන අනෙක් විශාල පිරිසකටද විවිධ දූෂණ වංචා සඳහා චෝදනා එල්ල වී තිබේ.
ස්විස් ගිණුම් විස්තර එළියට - ශී‍්‍රලාංකිකයින් 40 ක් හඳුනාගැණේ
ප‍්‍රංශ පුවත්පතක් වන ලේ මොන්ඬේ යටතේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැළී සිටින ඇමරිකාවේ වොෂින්ටන් නුවර පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සම්බන්ධ අන්තර්ජාතික එකමුතුව (ඉන්ටනැෂනල් කොන්සෝර්ටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ස්) ප‍්‍රසිද්ධ කර තිබෙන රහස් සුවිස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක ශී‍්‍රලාංකිකයින් 40 දෙනෙකුගේ පමණ නම් සදහන්ව තිබේ.
ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 98 දෙන්නෙක් එකඟ වී ඇති බව වාර්තාවේ. මෙහිදී හිටපු අගමැති දිමු ජයරත්න මහතා ලේකම් ධුරය හොබවන පුටුව ලකුණ දරන 'පොදු පෙරමුණ' නම් පක්ෂය මඟින් රජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව බවද වාර්තාවේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තරග කළේ මෙම පක්ෂයෙනි.
යුද්ධය නිසා මිය ගිය ඥාතීන් සැමරීමේ උත්සව උතුරේ දෙමළ ජනතාවට තහනම් කිරීමටත් මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව ක්‍රියාකරමින් තිබීම වත්මන් ආණ්ඩුව ද සිංහල බෞද්ධ වර්ගවාදය සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති බවට උදාහරණයක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. කිසිදු තාර්කික සාධාරණ පදනමක් නොමැතිව මෙම මෙම තහනම ක්‍රියාත්මක කර ඇති අතර මෙමඟින් යළි දකුණේ සිංහලයා කෙරෙහි උතුරේ ජනතාවගේ වෛරය ගොඩනැගීමට හේතුවන බව ද ඔවුන් පෙන්වා දෙති.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයකු වූ ලයනල් බෝපගේ මහතා මෙරට ද්විත්ව පුරවැසි භාය ඉල්ලුම් කර ඇතත් ඒ ලබා දෙනෙනේද නොදෙන්නේද යන්න ගැන ආණ්ඩුව දෙගිඩියාවකින් සිටින බව වාර්තවේ.
ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණයේ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ගේට්‌වේ ඉන්ඩස්‌ට්‍රීස් සමාගම ආයෝජන මණ්‌ඩලයෙන් බදු පදනම යටතේ ලබා ගෙන තිබූ ඉඩම ආපසු රජයට පවරා ගනිමින් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ගෝඨාට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නීතියට පිටින් ගිහිල්ලා - අගමැති
අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් නියෝගයක් නිකුත් කරන්නේ නම් විනිශ්චයකාරවරුන් තිදෙනකු විනිසුරු මඬුල්ලේ සිටිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට නොගන්නා ලෙස විනිසුරුවරුන් දෙදෙනෙ කු දී ඇති නියෝගය පිළිබඳව ගැටලුවක් පවතින බව නීතීඥයින් තමන්ට දැනුම් දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .
