subash

subash

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ‘අල් ජසීරා’ රූපවාහිනියේ මිනෙලි ෆර්නැන්ඩස් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව ද දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කළ බවට නැඟෙන චෝදනා ඔහු තරයේ ප‍්‍රතික්ෂේප කළේ ය. පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡවේ පරිවර්තනයකි.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා ආරක්ෂක සමාගම විදෙස් රටවලට සහ විවිධ සංවිධානවලට මෙරටින් ආයුධ විකිණීමේ රහසිගත ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට එම සමාගමේ හිටපු කළමනාකරුවකු වූ කපිතාන් උදය දිසානායක ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හතළිස් හතර දෙනකුට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් නියෝගයක් ලබා ගැනීමට කළ උත්සාහය ‍ඊයේ (11) ව්‍යර්ථ විය.

නව ආණ්ඩුවේ දින 100 වැඩසටහන තුළ ඇතැම් ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇතත්, මානව හිමිකම් හා සුළුතර අයිතිවාසිකම් විෂයයෙහි තවමත් බොහෝ ගැටළු ඉතිරිව පවතින බව' යුරෝපය පදනම් කරගෙන සුළුතර හා ආදිවාසී ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන මානව හිමිකම් සංවිධානයක් සිය නවතම පර්යේෂණ වාර්තාවෙන් කියා සිටියි.

මරණ දඬුවම පිළිබඳ ප්‍රථම වාර්තාගත පාර්ලිමේන්තු විවාදයක් අපට හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 427 දී ය. මිටිලේන් කැරලිකරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිණවීමේ ප්‍රශ්නයට අදාළව ඇතන්ස් නුවර පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ ඩියෝඩොටස්, මරණ දඬුවම දීමෙන් අපරාධ අධෛර්යමත් කිරීමක් සිදු නොවන බවට තර්ක කරමින්, එම කැරලිකරුවන්ව මරණ දඬුවමට පත්කිරීම වැළැක්වීය.

මෙරට ක්‍රීඩාවේ උත්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම පිණිස මැදිහත්වන ලෙස ඉල්ලා ක්‍රීඩා සංගම් 14 ක බලධාරින් විසින් අත්සන් කළ ලිපියක්‌ ඉකුත් සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ බරපතළ වංචා දුෂණ අක්‍රමිකතා මෙන්ම බලය අයුතු ලෙස අවභාවිත කිරීම් ඇතුළුව තවත් විමර්ශන 45ක කටයුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවැසීය.

රාඩා ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 1670ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ආයතනයේ ගණන් තැබීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙයි.

බොදු බල සේනා සංවිධානය අද දින මාධ්‍ය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගන්න බව දැඩිව අවධාරණය කර තිබේ. එමෙන්ම එම සංවිධානය මෙම බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

මුල්‍ය අපරාධ  ඒකකය, හිටපු යුක්රේන තානාපති උදයංග වීරතුංගගේ පෞද්ගලික බඩු  බාහිරාදිය ඇතුලත් කන්ටේනරයක් පරික්ෂ කිරීම සඳහා උසාවියේ අවසරය ඉල්ලා තිබේ. මේ වනවිට මුල්‍ය අපරාධ  ඒකකය මගින්  උදයංග වීරතුංගට අදාළ පැමිණිලි  දෙකක් පිළිබඳ  විභාග කරමින් පවතියි. 

Connet With Us