subash

subash

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(05) මේ වන විට මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

දින සියයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබෙන බැවින් විසිවැනි සංශෝධනයේ ගැටලු විසඳාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තවත් කල්ගත වන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව එ.ජා.ප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.ඊයේ (04) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය‍.

නව දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව කුඩා පක්ෂ සිය යෝජනා ලබාදීම ලබන සිකුරාදා සිදුකරන බව වාර්තා වේ.

පැපුවා නිව්ගිනියාවේ දකුණු වෙරළබඩ තීරයේ ප්‍රභල භූ කම්පනයක් හට ගෙන තිබේ.එය රික්ටර්  මාපාංක 7.4ක ප්‍රබලත්වයකින් යුතු බවයි ඇමරිකානු භූවිද්‍යා පරීක්ෂණ ආයතනය පවසයි.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (05) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් විසිදෙදෙනා 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එකඟතාවය පළකර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2559 වැනි රාජ්‍ය වෙසක් උත්සවය අද (04) පස්වරුවේ මහියංගණය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ලබන 6 වනදා පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.වර්තමානයේ පවතින පිංආණ්ඩුව සහ පිං අගමැති ගෙදර යැවීම සදහා අවශ්‍ය තීරණ ගැනීම එදින සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ජාතීන් අතර ආගම් භේද ඇති කිරීමෙන් රටේ ප‍්‍රශ්න විසඳිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (03)පස්වරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Connet With Us